ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය නිසා දිවයිනේ සියලුම පාසල් වසා දමා ඇත. එම නිසා සියලුම සිසුන් මාර්ගගත අධ්‍යාපනය සඳහා යොමු වී ඇත. නමුත් බොහෝ පළාත්වල බොහෝ සිසුන්ට එවැනි පහසුකම් නොමැත. ඇතැම් ළමුන්ට එම මාර්ගගත අධ්‍යාපනය සඳහා සම්බන්ධ වීමට දුරකථන යන්ත්‍රයක් හා තවත් ළමුන්ට සම්බන්ධ වීමට දුරකථන සංඥා නොමැත.
එම නිසා එම ළමුන්ගේ අධ්‍යාපනයට බොහෙවින් බාධා ඇතිවේ.සමහරක් ළමුන් තම පාඩම් සදහා සම්බන්ධ වීමට දුරකථන යන්ත්‍රයක් මිලදී ගැනීමට උත්සාහ කරන අතර තවත් ළමුන් දුරකථන සංඥා සෙවීම්ට ගල්තලා , කඳු , කුඹුරු ආදීි දුරකථන සංඥා ඇති ස්ථාන කරා ගමන් කරති. නමුත් මේ සිසුන් දවසේ වැඩි කාලයක් ගත කරනුයේ මේවැනි ස්ථානවල ය. ඒ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහාය. එවැනි ස්ථාන කරා ගමන් කිරීම මෙම ප්‍රශ්නයට ප්‍රායෝගික පිළිතුරක් නොවේ. වැසි සහිත දින වල මෙන්ම කැලෑවල් ආශ්‍රිතව සිටින විට වන සතුන්ගෙන්ද මෙම ළමුන්ට බාධා ඇතිවේ වේ.

මේ වෙන වන විට 70% පමණ ලාංකික සිසුන්ට online අධ්‍යාපනයට පහසුකම් නොමැති බව The Sunday Times පුවත්පත් වාර්තා කරන ලදී. මෙම සියලු ගැටලු වලට පිළිතුරු ලෙස අප අපගේ වෙබ් අඩවිය හදුන්වා දී ඇත. එමෙන්ම ඔබට නිසි සේ ඉගෙන ගත නොහැකි වූ පාඩම් හා අතපසු වූ පාඩම් නැවත බලා ඉගෙන ගත හැක. අප තවම මෙම වෙබ් අඩවිය සාදා ඇත්තේ 6,7,8 ශ්‍රේණි වල තෝරාගත් විෂයන් වලට පමණි. මේ වෙබ් අඩවිය මගින් අප ඔබට පහසුවන පරිදි YouTube නාලිකාවල ඇති videos එකතුවක් ලෙස ලබා දී ඇත. ඔබට පසුව වුවද මෙමගින් ඒ ඒ විෂයයන් ඉගෙන ගත හැක. ඔබට මේ මගින් ‍ප්‍රශ්න පත්‍ර ද ලබාගත හැක. අප ඉදිරියට අනෙක් විෂයනුත් මෙයට ඇතුළත් කරනු ඇත. අපි මෙම වෙබ් අඩවියෙන් ඔබ නිසි ප්‍රයෝජන අරගන්නා බව ට බලාපොරොත්තු වෙමු.

6 ශ්‍රේණිය

CLick Here

7 ශ්‍රේණිය

CLick Here

8 ශ්‍රේණිය

CLick Here

Papers

CLick Here

Developed by Nisandu